වයි.ඒ.එස්. වීරවංශ
බළන්ගොඩ සමනළවත්ත ප‍්‍රදේශයේ දී මීට දින පහකට පෙර අතුරුදන් වු දරුවා පිළිබඳ පරීක්ෂණ කටයුතු වෙනත් දිශාවකට යොමු කර ඇතැයි බළන්ගොඩ පොලිසිය සඳහන් කරයි.
ඒ අනුව විද්‍යාත්මක පරීක්ෂණ හා අපරාධ පිළිබඳ විමර්ශන ඔස්සේ දරුවා සෙවීමේ කටයුතු අද (24) උදෑසන සිට ආරම්භ කර තිබේ.
දින තුනක් තිස්සේ සිදු කරන ලද යුද හමුදා මෙහෙයුම හා පොලිස් නිලධාරින්ගේ මෙහෙයුම තාවකාලිකව අත්හිටුවා ඇති අතර විද්‍යාත්මක පරීක්ෂණ කටයුතු දිගටම සිදු කරන බව පොලීසිය සඳහන් කරයි.
දරුවා අතුරුදන් වුවායැයි සැක කරන කැළෑ ප‍්‍රදේශය මුළුමනින්ම සෝදිසි මෙහෙයුමට ලක්කර ඇති අතර එම සෝදිසි මෙහෙයුමේ දී දරුවා පිළිබඳ කිසිඳු තොරතුරක් දැනගන්නට නොලැබිණි.
එහෙත් දින කිහිපයකට ඉහතදී දිවියෙකු විසින් මරා දමන ලද විශාල ගෝනෙකුගේ සිරුරක් සොයා ගැනීමට පොලීසියට හැකි විය.