(අජිත්ලාල් ශාන්තඋදය සහ වයි.එස්. වීරවංශ)
මීට සති තුනකට පෙර බළන්ගොඩ සමනලවත්තේ කැලෑවේදී අතුරුදන්වූ බවට සැකසිතූ සහන් කුමාර ධර්මසිරි නැමැති දස හැවිරිදි දරුවාගේ අතුරුදන්වීම සම්බන්‍ධයෙන් කුරුණැගල ප‍්‍රදේශයේ පදිංචි දරුවාගේ මාමා කෙනෙකු ඇතුලූ පසමීප ඥාතීන් කිහිප දෙනෙකුගෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වෙතයි පොලිස් විමර්ශකයෝ කියති.
පසුගිය ජූලි මස 20 දින පාසල් අවසන්වී නිවසට පැමිණි මෙම දරුවා සිය පියා දර කැඞීමට ගිය නිවස පිටුපස පිහිටි ශ‍්‍රීපාද රක්‍ෂිතයට ගිය බවත් ඔහු එතැන් සිට අතුරුදන්ව සිටී.
යුද හමුදාව, පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව දින කිහිපයක් තිස්සේ කැලෑව පීරා සෙව්ව නමුත් කිසිදු හෝඩුවාවක් නොලැබිණි. ඉන්පසු සෙවීමේ මෙහෙයුම් නවතා විද්‍යාත්මක පරීක්‍ෂණ අරඹනු ලැබීය.
බළන්ගොඩ පොලිස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක උදයන බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත වි,ත්මක පරීක්‍ෂණ පවත්වන අපරාධ අංශයේ ස්ථානාධිපති උප පෙලිස් පරීක්‍ෂක ජේ.ඞී.ඞී.පී.ජයකොඩි මහතා ඇතුලූ නිලධාරීහූ විවිධ පුද්ගලයන්ගේ ප‍්‍රකාශ සටහන් කරනු ලැබිණි.
මෙම දරුවාගේ අතුරුදන්වීමට දින පහකට පෙරදී අතුරුදන් දරුවාගේ මවගේ සහෝදරයෙකු තවත් සමීප ඥාතීන් කිහිප දෙනෙක් සමග එම නිවසට පැමිණ ඇතිබවට තොරතුරු සොයා ගනු ලැබිණි. කුරුණෑගල සිට එසේ පැමිණි පිරිස මෙම දරුවා ඇතුලූ පිරිසට ආහාරපාන, පළතුරු, කේක් ආදිය ද ගෙනවිත් දී ඇති අතර මුදල් රුපියල් 1500ක් ද දී ඇති බවට පොලිසිය අනාවරණය කරගෙන තිබේ.
දරුවා අතුරුදන්ව ඇත්තේ ඔවුන් පැමිණ දින පහකට පමණ පසුවය. දරුවාගේ අතරුදන්වීම සහ එම ඥාතීන්ගේ පැමිණීම අතර යම් සම්බන්‍ධයක් තිබිය හැකි බවට පොලීසිය සැකකරයි