(නිශාන්ත කුමාර)
බදුල්ල මහියංගන මාර්ගය අතරතුර හමුවන මහවැලි අන්තර් නිම්න ඇල මාර්ගයේ පැති බැම්ම මතින් දිවෙන මාර්ගයේදී බ්රහස්පතින්දා (23) මෝටර් රථයත් සමඟ ඇලට වැටීමෙන් පසුව අතුරුදන්වූ තරුණයාගේ මළ සිරුර ගැමුණූපුර ඇල මත පාවෙමින් තිබියදී අද (24) දහවල් ගොඩ ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ ස්වර්ණතුංග නවරත්න පටබැදි විජේන්ද්රගෙදර නෙත්මිණ (18) නැමැති තරුණයෙකි.

