(රොමේෂ් මධුෂංඛ)
මෙවර පැවත්වෙන පළාත් පාලන ආයතන මැතිවරණයේදී තමන් ඡන්දය දීමෙන් වැලකී සිටින බව උපවාසයක නිරතව සිටින වව්නියාවේ අතුරුදන් වූවන්ගේ ඥාතීහු පවසති.
අතුරුදන් වූවන් වෙනුවෙන් පිළිගත හැකි විසඳුමක් ඉල්ලා ආරම්භ කරන ලද සත්‍යග්‍රහයට අදට (10) දින 352 ක් පිරුණද මේ දක්වා තමන්ට විසඳුමක් නොලැබීම හේතුවෙන් අද ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටින බවට අතුරුදහන් වූවන් පිළිබඳ තොරතුරු සොයාබලන සංගමයේ සභාපතිනි කේ.ජයවදිනි පැවසීය.
අතුරුදන් වූවන් සම්බන්ධයෙන් රටේ නායකයා දක්වා සියලුම බලධාරීන් සමග මෙතෙක් කළ සාකච්ඡාවලින් විසඳුමක් නොලැබුණු බවත් එයට විරෝධය පෑමක් වශයෙන් මෙම තීරණය ගත් බවද සභාපතිනිය වැඩි දුරටත් පැවසීය.