අත්‍යවශ්‍ය සේවාවන්හි උකස් ඔප්පු ලියාපදිංචියට පියවර


( දිල්රුක්ෂි ග්‍රේරු)

අතවශ්‍ය සේවාවන්ට අදාල උකස් ඔප්පු ලියාපදිංචි කිරීම සඳහා රෙජිස්ට්‍රාර්  ජනරාල් දෙපාර්තමේන්තුව  මගින්  මේ වන විට අවශ්‍ය  පියවර ගෙන ඇත.

රටේ පවතින තත්ත්වය අනුව සළකා  මෙම තීරණය ගෙන ඇතැයි රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ඒ සඳහා  වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත නිවේදනයේ සඳහන් දුරකතන අංක වලින්  අවශ්‍ය නිලධාරීන් සම්බන්ධකරගත හැකි බව  රෙජිස්ට්‍රාර් ජනරාල් එන්.සී විතානගේ මහතා පවසයි.
 
 නිත්‍යසේවා පිළිබඳව මහජනයා දැනුම්වත් කිරීම සඳහා රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව මෙම නිවේදය නිකුත් කර ඇත.

එම නිවේදනය පහත දැක්වේ