අත්‍යවශ්‍ය සේවා මුවාවෙන් හොර හරක් මස් ප්‍රවාහනය සැකකරු අල්ලයි


( ප්‍රියානි මංගලිකා )
 

කුකුලු මස් ප්‍රවාහනයට අත්‍යවශ්‍ය සේවා බලපත් ලබාගෙන කොළඹ ප්‍රදේශයට හරක් මස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු හරක් මස් කිලෝ 50ක්ද සමග සැකකරු සහ ලොරි රථය සමග අද (19 ) අත්අඩංගුවට ගත් බව කොබෙයිගනේ පොලීසිය පවසයි .
                      
සැකකරු කොබෙයිගනේ  ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු   බවද ,ලැබුන තොරතුරක් මත වැටලීම සිදුකල බවද පොලීසිය සඳහන් කරයි.

නිකවැරටිය කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් ,ස්ථානාධිපති පො.ප.බංඩාර ජයතිලක මහතා ඇතුලු නිලධාරීන් කණ්ඩායමක් වැටලීම සිදුකෙරිණි .