(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාදීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන විශේෂ වැඩපිළිවෙළ සමඟ එක්වන්නැයි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව සියලු සුපිරිවෙළඳසැල් සහ ආයතන වෙත ඉල්ලීමක් කරයි.
කොරෝනා වසංගත තත්වය හමුවේ ජනතාව මුහුණ දී ඇති ගැටලුවලට සහනයක් ලබාදීමේ අරමුණින් දිවයින පුරා පිහිටි තැපැල් ස්ථාන ඒකාබද්ධ කරමින්, තැපැල් දෙපාර්තමේන්තුව විසින් සිදුකරන විශේෂ වැඩපිළිවෙළ යටතේ මෙය ක්‍රියාත්මක කෙරේ.
ඒ අනුව, අත්‍යවශ්‍ය භාණ්ඩ කඩිනමින්, සෞඛ්‍යාරක්ෂිතව පාරිභෝගිකයන්ට බාරදීම සඳහා වෙළඳ ආයතනවලට සිය සේවාව සමඟ එක්විය හැකි බව තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ඒ සඳහා ළඟ ම පිහිටි තැපැල් කාර්යාලයට හෝ පහත සඳහන් දුරකතන අංක මගින් මූලස්ථාන මෙහෙයුම් ඒකකට ඒ බව දන්වන ලෙසද තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.
නිලන්ති - 0718098700
දිනූෂ - 0714431624
චන්න - 0718194214
අනිල් - 0718194224
උත්පල - 0718807921
අස්මින් - 0761002005 (දමිල භාෂාව)
අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම බෙදාදීමේ සේවාව තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දු ගුණවර්ධන මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක කෙරේ.


