(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
රටේ අත්‍යවශ්‍ය ඖෂධ තුන්සීයකට වඩා හිඟතාවයක් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය කාවින්ද ජයවර්ධන මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
"ඖෂධ පිළිබඳව අප රටේ ප්‍රබල අර්බුදයක් තිබෙනවා.අප රටේ අත්‍යවශ්‍ය ඖෂධ 862ක් තිබෙනවා.මේ අතුරින් ඖෂධ 131ක ජාතික වශයෙන් හිඟයි.වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ හිඟය 218යි. ඒ අනුව අත්‍යවශ්‍ය ඖෂධ වලින් ඖෂධ තුන්සීයකට වඩා හිඟතාවයක් තිබෙනවා.
අප එදා සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ලට එරෙහිව විශ්වාස භංග යෝජනාව ගෙනවිත් බාල ඖෂධ ගෙන ඒමට විරුද්ධව කටයුතු කළා.මේ ඖෂධ හිඟය එක පාරට ඇති වූ දෙයක් නොවන බව මා දන්නවා.නමුත් මේ ඖෂධ හිඟය නිසා රටේ අහිංසක රෝගීන් දැඩි පීඩාවට ලක්ව සිටිනවා.එවැනි තත්ත්වයක් තිබියදී කළ යුත්තේ කුමක්ද? රටේ දේශීය ඖෂධ නිෂ්පාදකයන් උනන්දු කළ යුතුයි.එමෙන්ම අප ජාත්‍යන්තරය සමඟ තරග කළ යුතුව තිබෙනවා.
ලංකාවේ ඖෂධ මිල තීරණය කරන කමිටුවක් තිබෙනවා.මෙම කමිටුව එකම ඖෂධ සඳහා තමන්ට හිතුණු මිල දානවා.නමුත් ඉන්දියාව, බංගලාදේශය වැනි රටවල් කටයුතු කරන්නේ යුරෝපීය මිල සැලකීමට ගෙනයි.ඒ ක්‍රියාවලියම මේ රටෙත් ක්‍රියාත්මක කරන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

