(නාලක සංජීව දහනායක)
රජයේ හා සතොස ආහාර ගබඩාවල අත්‍යාවශ්‍ය ආහාර සංචිත මාස කිහිපයකට සරිලන ලෙසට ඇති බැවින් ඉදිරියේදී අත්‍යවශ්‍ය ආහාර සදහා කිසිඳු අනියත බියක් ඇති කර නොගන්නා ලෙස අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්‍ෂිතතාවය හා පාරිභෝගික සුබසාන අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
සියලු ආර්ථික මධ්‍යස්ථානවල සිට එළවළු ලොරි දැනටමත් දිවයිනපුරා පිටත්කර යවා ඇති බවද අමාත්‍යංශය සදහන් කරයි.
එමෙන්ම ජාතික පශූ සම්පත් මණ්ඩලය සතු වතුවල පොල් අස්වැන්න අද (24) සිට සාධාරණ මුදලකට අළවිකිරීමට කටයුතු කිරීමට පියවර ගෙන තිබේ.
නිවාස සංකීර්ණ හා ජනතාව වැඩි වශයෙන් පදිංචි වීදීවල රුපියල් 500 හා 1000 වටිනාකමින් යුතු භාණ්ඩ වර්ග කිහිපයකින් යුතු පාර්සල් සිවිල් ආරක්‍ෂක බලකායේ සහය ඇතිව අළවිකිරීමේ වැඩ පිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබේ.
මේ වනවිට නිරෝධායන මධ්‍යස්ථානවල සිටින ජනතාවගේ පරිභෝජන කටයුතු සදහා සහය වන ලෙසට අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා කළ ඉල්ලීමක් අනුව ප්‍රීමා ලංකා සමාගම විසින් තිරිඟුපිටි මෙට්ට්‍රික් ටොන් 200, කුකුල් මස් ටොන් 20, සොසේජස් ටොන් 2 ක්, බිත්තර ලක්‍ෂයක් සහ යෝගට් 5000ක් යුද හමුදාවට පරිත්‍යාග කළ බවද අමාත්‍යංශය සදහන් කරයි.

