පසුගිය තරග සංචාරවල සිදු වු වැරැදි නිවැරදි කරගෙන කණ්ඩායමක් ලෙස හොඳින් කී‍්‍රඩා කරමින් ශ්‍රී ලංකාවට ජයග‍්‍රහණය ලබා දීම දකුණු අප‍්‍රිකානු තරග සංචාරයේදී සිය අපේක්‍ෂාව බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් නායක තිලකරත්න ඩිල්ෂාන් පවසයි.
ශ්‍රී ලංකා ටෙස්ට් පිල, දකුණු අප‍්‍රිකානු තරග සංචාරයට ඊයේ (5) පිටත්ව යාමට පෙර කොළඹ ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී තෙරුවන් ආශිර්වාද ලබා ගැනීමෙන් පසුව ඩිල්ෂාන් මේ බව පැවසීය.
සිය නායකත්වයට තර්ජනයක් නොමැති බව පැවසු ඩිල්ෂාන් තමාගේ පෞද්ගලික අපේක්‍ෂාව නැවත පිතිකරුවකු ලෙස ලකුණු අතරට එමින් කණ්ඩායමේ පිතිකරු අංශය ශක්තිමත් කිරීම බවද පැවසීය.
-දකුණු අප‍්‍රිකාව සමග ක‍්‍රීඩා කරද්දී පසුගිය තරග සංචාරවල වුණ අත් වැරැුදීම් හදාගෙන ක‍්‍රීඩා කරන්න ඕනේ. දැන් කණ්ඩායමක් හැටියට සුදානමත් හොඳයි. අපට දකුණු අප‍්‍රිකාවේ ගිහිල්ලා දවස් 10 ක් විතර තිබෙනවා පළමු ටෙස්ට් තරගය සඳහා තණතිලිවලට හුරු වෙන්න. එකම පුහුණු තරගය අපට වැදගත් වෙනවා. පළමු ටෙස්ට් තරගයට පෙර පුහුණු තරගයෙන් උපරිම ප‍්‍රයෝජනය ගන්න ඕනේ” යැයි ඩිල්ෂාන් පැවසීය.
ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශය පිළිබඳව ඩිල්ෂාන් පවසන්නේ දක්‍ෂතා අතර සිටි වේගපන්දු යවන්නන් කීප දෙනකුම ආබාධවලට ලක්වී සිටියත් කණ්ඩායමට එක්වී ඇති පන්දු යවන්නන් තරගයක් ජය ගන්නට හැකි පිරිසක් බවයි.
දකුණු අප‍්‍රිකානු පිලට එරෙහිව තරගයක් ජය ගැනීමට නම් සෑම ක‍්‍රීඩකයකුම වැරැදි අඩුවෙන් කළ යුතු බවත්, ඒ තුළින් දකුණු අප‍්‍රිකානු පිලට අභියෝගයක් විය යුතු බවත් ශ්‍රී ලංකා නායකයාගේ අදහසයි.
-ඔවුන් මේ වන විට හොඳට ක‍්‍රීඩා කරනවා. දකුණු අප‍්‍රිකාව ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක එකේ දෙකේ සිටින කණ්ඩායමක්. එනිසා අපේ වැරැුදි අඩුපාඩුකම් හදාගෙන ක‍්‍රීඩා කරන්න ඕනේ. දකුණු අප‍්‍රිකාව වගේ කණ්ඩායමක් සමග ක‍්‍රීඩා කිරීමේදී සෑම ක‍්‍රීඩකයකුම වැරැුදි නොකරම ඉන්නයි වග බලා ගන්න ඕනේ. ඒ අනුව ඔවුන්ට හොඳ තරගයක් දෙන්නයි අවශ්‍ය යැයි” ඩිල්ෂාන් පැවසීය.
දකුණු අප‍්‍රිකානු ‘ඒ’ පිලට එරෙහිව මේ මස 9 වැනිදා ශ්‍රී ලංකා පිල එකම තුන්දින පුහුණු තරගයට සහභාගිවෙයි. ඩිල්ෂාන් පවසන්නේ එම තරගය ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ගේ ජයග‍්‍රාහී මානසිකත්වය ඇති කිරීමට පිටුවහලක් වන බවයි.
-කී‍්‍රඩකයන් හොඳ පුහුණුවකින් හොඳ මානසිකත්වයකින් ඉන්නවා. පුහුණු තරගයේදී පිතිකරුවන් ශක්තිමත් වුණොත් හොඳ ආරම්භයක් ලැබුණොත් මානසිකත්වය ඉහළ යා හැකියි. පළමු ටෙස්ට් තරගයට පෙර විය යුත්තේ එයයි.”
පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ලකුණු අතර සිටි පිතිකරුවා වුයේ හිටපු නායක කුමාර් සංගක්කාරයි. සංගක්කාර පවසන්නේ ටෙස්ට් තරගාවලියේ පිතිහරඹයේදී පළමු ඉනිමේදී 350 කට වැඩි ලකුණු ප‍්‍රමාණයක් ලබා ගැනීම ශ්‍රී ලංකා පිලට අවශ්‍ය බවයි.
-දකුණු අප‍්‍රිකාව හොඳ කණ්ඩායමක් පළමු සතියේ පුහුණුවෙලා එම තණතිරුවලට හුරුවී මානසිකත්වයත් හඳා හඳුනාගන්න ඕනේ” යැයිද සංගක්කාර පැවසීය.
-නවකයන්ට ආදර්ශයක් වීමට නම් පිටිය තුළදීත් පුහුණුවීම් වලදීත් සැමවිටම කැපවීම අවශ්‍යයි. තරගවලදී පිතිකරුවන්, පන්දු යවන්නන් අසාර්ථක වෙනවා. සමහර තරගවල ලකුණු හොඳින් කඩුලූ ලබනවා. ඒක තමයි ක‍්‍රීඩාවේ ස්වභාවය”
-කොච්චර අසාර්ථක වුණත්්, සාර්ථක වුණත් අපි සැලැස්මකට අනුව කටයුතු කරන්න ඕනේ. අසාර්ථක වෙද්දි වෙනස් කරන එක හෝ සාර්ථක වෙද්දි වෙනස් කරන එක නෙමෙයි වෙන්න ඕනේ ඉදිරියට යා හැකි සැලැස්මක් සැකසීමයි කළ යුත්තේ” යයිද සංගක්කාර පැවසීය.
තණතීරුවලට හැඩ ගැසී දකුණු අප‍්‍රිකානු වේග පන්දු බල ඇණියට මුහුණ දීම කළ යුතු බව සංගක්කාර පවසයි.
-දකුණු අප‍්‍රිකාවේ හෙඳින්ම පන්දු යවන්නේ වේග පන්දු යවන්නන්. ඒක අපට අලූත් දෙයක් නොවෙයි. අපි මුලින්ම කළ යුත්තේ එහේ තණතීරුවලට හැඩ ගැසීමයි”
ශ්‍රී ලංකා කී‍්‍රඩකයන් හොඳ මානසිකත්වයකින් සිටින බවත්, නව බලාපොරොත්තුවකින් දකුණු අප‍්‍රිකානු සංචාරයට සහභාගිවන බවත් ඔහු පැවසීය.
-පරදින අවස්ථාවලදී ක‍්‍රීඩකයන්ගේ මානසිකත්වය ඔවුන්ම හඳා ගැනීම අවශ්‍යයි. නව සංචාරයක් කියන්නේ තවත් අවස්ථාවක්. එය පන්දු යැවීමට, පිතිකරණයට, පන්දු රැුකීමට යන සියලූ අංශයන්ට අභියෝගයක් වගේම අවස්ථාවක් කියන දේ හිතාගෙන ආශාවෙන්, කැපවීමෙන් ක‍්‍රීඩා කළ යුතුයි”
කණ්ඩායමේ සංයුතිය පිළිබඳව සංගක්කාර මෙසේ අදහස් දැක්වීය.
-කණ්ඩායමේ සංයුතිය හොඳයි. අවාසනාවට අපට දඟ පන්දු යවන්නෝ දෙන්නයි ගෙනියන්න වෙන්නේ. සමහර වෙලාවට ඒ තණතිරු දඟ පන්දු යවන්නන්ට යෝග්‍ය නැතිවෙයි. රංගන හේරත් තමයි අපේ පළමුවන පන්දු යවන්නා වෙන්නේ ඔහු වටේටයි අනිත් දඟ පන්දු යවන්නන් පෙළ ගැස්වෙන්නේ. අජන්ත මෙන්ඩිස් අනෙක් කී‍්‍රඩකයායි.”
-පිතිකරුවන් අතර ලකුණු 100 ක් ලබා ගන්න කී‍්‍රඩකයන් සිටියි. කිසිම පිතිකරුවකුට ලකුණු 100 ක් ලබා ගන්න බැරි වෙන්නත් පුළුවන්. එසේ වුවත් අපට ලකුණු 350, 400 ලබා ගැනීමට පුළුවන්නම් එය වාසියක් වෙයි.”
එක්දින තරගාවලියේදී වෙනත් කඩුලූ රකින්නකුට අවස්ථාව ලබා දීමට හැකියාවක් තිබුණොත් ඒ පිළිබඳව පැවසුවේ තමන්ට වඩා දක්‍ෂ ඕනේම කී‍්‍රඩකයකුට ඒ අවස්ථාව ලබා ගැනීමට හැකියාව තිබෙන බවයි.
ටෙස්ට් තරග තුනකින් සහ එක්දින තරග පහකින් සමන්විත දෙරට අතර තරගමාලාව මේ මස 15 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගාවලියෙන් ඇරඹෙයි.
