(ඇන්.ජේ.පතිරාජ)
තම අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මුදල් සොයාගැනීම සඳහා කොන්ත්‍රාත්කරුවකු යටතේ කොන්ක්‍රිට් ඇනීමට ගිය බව කියන ගල්ගමුවේ මොට්ටාරම්පොතානේ පදිංචි 17 හැවිරිදි පාසල් සිසුවකු විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි ගල්ගමුව පොලිසිය කියයි.
මෙම සිසුවා සමග තවත් තිදෙනකුට විදුලි සැර වැදී ඇති අතර ඔවුන් මේ වන විට රෝහලත් ගත කර ඇති අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගල්ගවුව යූ.බී වන්නිනායක ජාතික පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ එච්.එම්. ඉමාෂ මධුශාන් හේරත් නමැති සිසු වෙකි.
ඔවුන් සමග වැඩ කළ වෙනත් අයකුට විදුලිය සැර වැදී ඇති අතර ඔහු බේරාගැනීමට උත්සහ කිරීමේ දී මෙම සිසුවාට විදුලි සැර වැදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

