පසුගිය රජය සමයේ විවිධ වරප‍්‍රසාද අපේක්ෂාවෙන් පක්ෂය හැර ගිය කිසිවෙකුටත් මෙවර මහනුවර දිස්ත‍්‍රික්යෙන් එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකත්වය ලබා නොදෙන බව මහනුවර දිස්ත‍්‍රික් එජාප නායක සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ප‍්‍රකාශ කරයි .
පක්ෂය හැර ගිය බොහො දෙනෙකු මේ වන විට නැවත එක්සත් ජාතික පක්ෂයෙන් අපේක්ෂකත්වය ඉල්ලා ඇති බවයි . කෙසේ නමුත් තමන්ට ඡන්දය දුන් ජනතාව අමතක කර පක්ෂයට විශලා හානියක් කර පක්ෂය හැර ගිය කිසිවෙකුටත් මොනම හේතුවක් නිසාවත් එජාපයෙන් නැවත නාම යෝජනා ලබා නොදෙන බව ද අමාත්‍යවරයා කිවේය .
මේ අතර මහනුවර දිස්ත‍්‍රීක්කයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකවරුන් කිහිප දෙනෙකුට ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වීමේ වරම අහිමි වීමේ අවදානමක් මතුව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි .එජාපයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත් වන සුළු පක්ෂවල අපෙක්ෂකයින් සහ සුළු ජාතික අපේක්ෂකයින් කිහිප දෙනෙකුට පක්ෂයෙන් නාම යෝජනා ලබාදිමට සිදු විය හැකි නිසා මෙම තත්වය උදා විය හැකි බවද එම ආරංචි මාර්ග කියයි .

