(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
අත්තනගල්ල රජමහා විහාරය අසල පසුගිය 21 වැනිදා පැවති සංගීත සංදර්ශනයකට කඩාවැදී වෙඩි තබා ව්‍යාපාරිකයකු මරා දමා ගැබිණි කතක ඇතුළු සිව්දෙනෙකුට බරපතල තුවාල කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු හඳුනා ගැනීමට නිට්ටඹුව පොලිසිය මහජන සහාය පතයි.
මෙහිදී වෙඩි තබා පලාගිය සැකකරුවන් සම්බන්ධයෙන් ඇසින් දුටු සාක්කිකරුවන් ලබාදුන් තොරතුරු අනුව සැකකරුවන්ගේ හැඩරුව චිත‍්‍රයට නගා අද (26) නිට්ටඹුව පොලිසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය.
මෙම වෙඩි තැබීමෙන් බියගම හෙයියන්තුඩුව දේවමිත්ත පෙදෙසේ පදිංචිව සිටි මීගම ආරච්චිලාගේ රත්න දෙවප‍්‍රිය (37) නැමැති අත්තනගල්ල හුණුපොල ප‍්‍රදේශයේ වැලි හා පස් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකු මියගිය අතර තුවාලකරුවන් තවදුරටත් ප‍්‍රතිකාර ලබමින් පසුවේ.
මියගිය ව්‍යාපාරිකයා අත්තනගල්ල රජමහා විහාරස්ථානය අසල රථ ගාලක ජිප් රිය අසල සිටියදී වෙඩි ප‍්‍රහාරයට ලක්වුණු අතර මුදල් අරාවුලක් මත ඇතිවූ විරසකයක් හේතුවෙන් ව්‍යාපාරිකයා මරා දැමීම සදහා මෙම වෙඩි ප‍්‍රහාරය එල්ල කර ඇති බව මූලික පරීක්ෂනවලදී හෙළි වී ඇත.
ඇසින් දුටු සාක්කිකරුවන් ලබාදුන් තොරතුරු අනුව එක් සැකකරුවෙක් අවුරුදු 40-50 ත් අතරවේ. කොණ්ඩය රැලි සහිත වන අතර හිස පිටුපස කොණ්ඩය බොකුටු සහිත මහත පුද්ගලයෙකි.
අනෙක් සැකකරු වයස අවුරුදු 30 - 32 අතර මුහුණ දිගැටි සුදු පැහැති උස අඩි හයක් පමණ වන පුද්ගලයෙකු බවට හදුනා ගත් බව නිට්ටඹුව පොලීසිය පවසයි.
මේ පුද්ගලයින් දෙදෙනා පිළිබඳව යම් තොරතුරක් වෙතොත් ළඟම ඇති පොලීසියට ,නිට්ටඹුව පොලීසියේ 033-2287224 දුරකථන අංකයට හෝ 033-2287225 සහ 0718591623 අංකවලින් නිට්ටඹුව මූලස්ථාන ප‍්‍රධාන පොලීස් පරීක්ෂක ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නලිින්ද දිලූරුක් මහතාට දන්වන ලෙද පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙම අපරාධය සම්බ්න්ධයෙන් ප‍්‍රධාන සැකකරු බවට සැලකෙන පාතාල කල්ලි සාමාජිකයකු බව කියන චාමර නැමැත්තාගේ බිරිය ඇතුලූ තිදෙනෙකු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර ඇත.