අත්තටගේ යළි රිමාන්ඩ්


අපොස සාමාන්‍ය පෙළ විද්‍යා ප්‍රශ්න 18ක් විභාගයට පෙර පිටකළැයි සැකපිට ටියුෂන් ගුරුවරයකු වන කැලණිය දික්පිටියේ අත්තටගේ චන්දන සම්පත්, ලක්ෂාන් ජයසිංහ, ඔහුගේ කාර්යාල සාහායකයකු බව කියන ලක්ෂාන් ජයසිංහ, ගම්පහ නයිවල සැලුන්හළක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, නයිවල ටියුෂන් පන්තියක් පවත්වාගෙන යන සිරිවර්ධන ජයසේකර සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්රිණ යන්ත්‍ර ක්‍රියාකාරුවකු වන මංගල ප්‍රිෂාන්ත යන පස් දෙනා ලබන 24 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් කරන ලෙස කඩුවෙල මහේස්ත්රාරත් ලංකා ජයරත්න මහත්මිය නියෝග කළාය. මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවූ අවස්ථාවේ රහස් පොලීසිය අධිකරණයට දැන්වූයේ විභාග දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ එම විද්‍යා ප්‍රශ්න පත්‍රයෙන් ස්කෑන් පිටපත් 2000කට අධික ප්‍රමාණයක් කොළඹ ගම්පහ ඇතුළු ප්‍රදේශවල ටියුෂන් පන්ති කිහිපයක සිසුන් අතට පත් කර ඇති බවට සැකකරන බවයි. ඒ ගැන සිසුන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගතයුව ඇති බවත්, සැකකරුවන් නිදහස් කළහොත් පරීක්ෂණවලට බාධාවක් ඇති විය යුතු බවත් රහස් පොලීසිය පැවසීය.