අත්අඩංගුවට නොගන්නැයි හරීන්ගෙන් පෙත්සමක්


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් තමා  අත්අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බැවින් තමා එලෙස අත්අඩංගුවට ගැනීම වලක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී  හරීන් ප්‍රනාන්දු මහතා අද  ශ්‍රේෂ්ඨාධිකරණය  හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබීය.

නීතීඥ සනත් විජේවර්ධන මහතා මගින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලිස් අද්‍යක්ෂකවරයා,පොලිස්පතිවරයා,මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍ය සරත් වීරසේකර සහ නීතීපතිවරයා  නම්කරනු ලැබ සිටිති.