අත්අඩංගුවට නොගන්නැයි ශනිල් නෙත්තිකුමාරගෙන් පෙත්සමක්


රන්ජන් කටුගම්පොළ සහ මනෝප්‍රිය ගුණසේකර 
 
පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝසියස් විසින් මිලදී ගෙන හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට දුන්නේයැයි කියන ‘මොනෑක්‘ නිවාස සංකීර්ණයේ නිවසේ හිමිකාරිය වු අනිකා විජේසුරිය මහත්මියට ජීවීත තර්ජන එල්ල කළැයි කියමින් තමන් අත්අඩංගුවට ගැනීම වළකාලන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ව්‍යාපාරිකයෙකු වු ශනිල් නෙත්තිකුමාර මහතා   මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළේය.
 
මෙරොන්තුඩුව මහගොනදූව අංක 119 ලිපිනයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන 28 හැවිරිදි ශනිල් ලක්ප්‍රිය නෙත්තිකුමාර මහතා   ගොනු කොට ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස පොලිස්පති පුජිත ජයසුන්දර මහතා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුවේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානී අබේසේකර මහතා සහ බැඳුම්කර කොමිසමේ සාක්කිකාරියක වු අනිකා විජේසුරිය මහත්මියගේ වැඩිමහල් සහෝදරයා වන විජිත් විජේසුරිය මහතා සහ නීතීපතිවරයා නම් කොට ඇත.