ඉන්දිකා රාමනායක
රුපියල් කෝටි 333 ට අධික වටිනා කමකින් යුත් හෙරොයින් කිලෝ 278 ක ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බංගලිදේශ ජාතිකයන් දෙදෙනකු අද (1) ගල්කිස්ස මහේස්ත‍්‍රාත් අධිකරණයට වෙත ඉදිරිපත් කර දින 7 ක රැඳවුම් නියෝග ලබා ගත් බව පොලිසිය කියයි.
සැකකරුවන් සතුව තිබී අත්අඩංගුවට ගත් බොහොමයක් හොරොයින් මෙරටට ගෙනවිත් ඇත්තේ බෝට්ටු මගින් බවට දැනට සිදුකරන පරීක්ෂණ වලදී හෙළි වී ඇත.
ඇතැම් ඒවා ගුවන් මගින් මෙරටට ගෙන්වා ඇති බවත් බංගලිදේශ ජාතකයන් ගෙන රැගෙනවිත් තිබු විවෘත කර නොමැති බවත් ගමන් මලුවල ව්‍යාජ පතුල්වල ඒ අයුරින්ම හොරොයින් රඳවා තිබු බවද පොලිස් ආරංචි මාර්ග කියයි.
මෙම හොරොයින් බොහොමයක් ඇග්ෆනිස්ථානයෙන් මෙරට ගෙන්වා ඇති බවත් හොරොයින් පාර්සල්වල ඇග්ෆනිස්ථානයේ මුද්‍රාවක් යොදා තිබු බවද එම උසස් නිලධාරියා කීය.
දෙහිවල මෙම නිවසේ හිමිකරුවන් විදේශ රටක පදිංචිව සිටින පිරිසක් බවත් ඔවුන්ගේ ඥතියකු මාර්ගයෙන් බංගලිදේශ කාන්තාවක් ඉකුත් ජනවාරි මස මසකට රුපියල් ලක්ෂය බැගින් වසරකට නිවස මිලදී ගෙන ඇති බවත් එම කාන්තාව මීට දින කිහිපයකට පෙර නැවත විදේශ ගත වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.