( අප්සරා යෝෂිත් විජේසූරිය)
මුස්ලිම් අන්තවාදී සංවිධානයක සාමාජිකයන් යයි සැකපිට අත් අඩංගුවට ගෙන රත්නපුර වැඩ බලන මහේස්ත‍්‍රාත් සන්ධ්‍යා කුමාරි මල්කාන්ත මහත්මිය හමුවට ඉදිරිපත් කළ රත්නපුර සහ පැල්මඩුල්ල නගරවල මුස්ලිම් දේවස්ථානවල මවුලවීවරුන් දෙදෙනකු මේ මස 15 දක්වා රිමාන්ඩ් කිරීමට නියම කෙරිණි.
මෙසේ රිමාන්ඩු කෙරුණේ පැල්මඩුල්ල මෙහොමුදීන් මස්ධජ මුස්ලිම් දේවස්ථානයේ මවුලවී නජීබ් මොහොමඞ් නුස්කි (26) සහ රත්නපුර නගරයේ ඔරලෝසු කණුව ඉදිරිපිට මුස්ලිම් දේවස්ථානයේ මවුලවී මොහොමඞ් ශකීර් මොහොමඞ් රිස්මි(26) යන දෙදෙනාය.
මෙසේ නිතීය බලගැන්වීමේ ඒකකය මගින් මහේස්ත‍්‍රාත් හමුවට ඉදිරිපත් කළ පැල්මඩුල්ල දේවස්ථානයේ මවුලවී නජීබ් මොහොමඞ් නුස්කි සන්තකයේ තිබූ මුස්ලිම් සියා අන්තවාදී සංවිධානය මගින් ඉරානයදී ප‍්‍රකාශයට පත්කරනු ලදැයි සැකකරන මුස්ලිම් අන්තවාදී උපදේශන පොත් හයක් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර, එම ග‍්‍රන්ථවල සඳහන් කරුණු පිළිබඳ සංක්‍ෂිප්ත වාර්තා සහ අදාළ පරිවර්තන පිටපත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත‍්‍රාත්වරිය නියම කළාය.
අරාබි බසින් ප‍්‍රකාශිත එම ග‍්‍රන්ථවල අන්තර්ගත අදහස් පිළිබඳ සොයාබැලීම පිණිස රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත එම ග‍්‍රන්ථ යොමුකරන ලෙස රත්නපුර පොලිසිය නීතිය බලගැන්වීමේ ඒකකය මගින් කළ ඉල්ලීමට ඉඩ ලබාදෙමින් මහේස්ත‍්‍රාත්වරිය එසේ නියම කළාය.

