අත්අඩංගුවට නොගන්නැයි මහ ඇමැති ප්‍රසන්නත් උසාවි යයි


කොළොන්නාවේ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් කොළඹ කොල්ලුපිටියේ මුල්‍ය  අපරාධ අංශය තමා  අත්අඩංගුවට  ගැනිම වළක්වන ලෙස ඉල්ලමින් බස්නාහිර මහ ඇමති ප්‍රසන්න රණතුංග අද (08) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික පෙත්සම් දෙකක් ගොනු කළේය.

කොළොන්නාවේ ඉඩමක් පළාත් සභාවෙන් ගොඩ කළැයි කියමින් තම බිරිය මොරටු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් මිලියන හැට හතරක් ඉල්ලා මිලියන අටක්  ලබා ගත්තැයි කියන නඩුවේ විභාගය නතර  කරන ලෙස ද දේශපාලන හේතු මත මුල්‍ය  අපරාධ විමර්ශන අංශය කරගෙන යන පරික්ෂණ නතර කරන ලෙස ද ඔහු මේ පෙත්සම් වලින් ඉල්ලා සිටියේය.