ඉතාලියේ රෝම නගරයේ සන්ජොවාන්නි මෙරුලානා මාවතේදී ,එම ප්‍රදේශයේම අවන්හලකදී ඉතාලි ජාතික කාන්තාවකගේ (73 ) අත්බෑගයක් සොරකම්කිරිම සම්බන්ධයෙන් ලාංකිකයෝ දෙදෙනෙක් (25,43 ) ඉතාලි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
කාන්තා අත්බෑගයක් සමග සිටි සැක කටයුතු ලාංකිකයන්ව දැක පරික්ෂා කළ පොලීසිය මේ අත් බෑගය සොයා ගත්තේය. එහි යූරෝ 270 (රුපියල් 49410 ) ද තිබී ඇත. පසුව අත්බැගය කාන්තාවට භාරදී ඇති අතර ලාංකිකයන්ව අත්අඩංගුවට ගෙන ඇත.

