අතරමංවූ ඉන්දීය නාවික පිරිසක් බේරා ගැනේ.


(අමල් වික්‍රමරත්න)


ඉන්දීය යාත්‍රාවකට අයත් සේවක පිරිසක් දින 5 තිස්සේ මුහුදේ අතරමංව බේරුවල මුහදේ සිට මුහුදු සැතපුම් 80 ඈතින් මුහුදී පාවෙමින් සිටියදී ශාන් පුතා ධීවර යාත්‍රාවෙන් බේරාගෙන ඔවුන් විසින්   ශ්‍රී ලංකා නාවික හමුදාවට බාරදෙනු ලැබ ඇත. මෙම නාවික යාත්‍රාවේ සේවක  පිරිස අද උදෑසන ගාල්ල නාවික හමුදා කදවුර වෙත ගෙන එනු ලැබූ අතර ඔවුන්  ඔවුන්ගේ තත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් රෝහල් ගතකිරීමට සුදානම් බව නාවික හමුදා ආරංචි මාර්ග සදහන් කරයි.


ඉන්දියාවේ පලෙයි වරායේ සිට පිටත්ව ඇති මෙම පිරිස සිය  ආයතනයට අයත් නාවික යාත්‍රා සඳහා ආහාර  ඇතුළු ද්‍රව්‍ය සැපයීමේහි නිරතව සිට ඇති බවත් ඔවුන්ගේ යාත්‍රාවේ හටගත් දෝෂයක් නිසා දින 5 මුළුල්ලේ   අතරමංව සිට ඇති බවත් කියැවේ.


නාවික යාත්‍රාව නොමැතිව  යාත්‍රාවේ ගමන්ගත් 07 දෙනෙකුගෙන් සමන්විතවූ සේවකයන්  මෙසේ බේරාගෙන විත් ඇති බව  වාර්තාවේ. අතරමං වූ පිරිස පරීක්ෂණ කටයුතු අවසන්වීමෙන් පසුව ඉන්දියාවට බාර දීමට නියමිතයි.