අතරමංවූ ඉන්දීය ධීවරයන්ට නාවික හමුදාවෙන් උදව්


යාපනය අනලතිව් දූපතට නාවික සැතපුම් පහක් බටහිරින් වූ ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී අයහපත් කාලගුණය හේතුවෙන් කාර්මික දෝෂයකට ලක්ව අතරමංව තිබූ බෝට්ටුවක සිටි ඉන්දීය ධීවරයින් තිදෙනකු බේරාගත් අතර අද ඔවුන් ඉන්දියාවට බාරදීමට නියමිත බව නාවික හමුදාව කියයි.

එම මුහුදු තීරයේ ඉරිදා (20) මුර සංචාරයේ යෙදී සිටි ඩෝරා යාත්‍රාවක සිටි නාවික හමුදා සාමාජිකයන් මෙම බෝට්ටුව දැක ධීවරයින් පිරිස බේරාගෙන යාත්‍රාවද සමග කරෙයිනගර් නාවික හමුදා කඳවුරට ගෙනැවිත් ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කරයි.