ශිරාන් රණසිංහ සහ බිඟුන් මේනක ගමගේ
දුම්රිය වර්ජනය නිසා අපහසුතාවට පත්ව සිටින මගීන්ට යෑමට යුද හමුදා බස් රථ 26ක් යොදවන බව ලංගම සභාපති රමල් වීරවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.
ලංගම බස් රථ සියල්ලක්ම මේ වන විට ධාවනයට යොදවා ඇතැයි කී ඒ මහතා යුද හමුදා බස් රථ සියලු ප්‍රදේශ ආවරණය වන සේ යොදවන බව ද සඳහන් කළේය.

