අතයි අලියායි එකම කාසියේ දෙපැත්තේ


ශ්‍රිලනිපය හා එජාපය එකම කාසියේ දෙපැත්තක් යැයි ජවිපෙ නායක අනුර  කුමාර  දිසානායක මහතා අද (28) රජරට  ගුවන් විදුලියට  මීට  ස්වල්ප වේලාවකට  පෙර  සජිවි සාකච්ඡාවකට  එක් වෙමින් කීවේය.

මේ නිසා  අපේ  දරුවන්ට   ස්ථාවර  රටක්  යහපත්  අනාගතයක්  ලබාදීම සඳහා  ජවිපෙ වටා  පෙළ ගැසී මෙවර  පාර්ලිමේන්තු මැතිවරණයේදී  ඡන්දය දෙන්නැයි දිසානායක මහතා පැවසුවේය.

“එජාපයත් ශ්‍රිලනිපයත් අවුරුදු  67 ක්  රට  පාලනය කළා  ජනතාවට  එදා ආහාර  වේල කන්න ලැබුණේ නෑ. ආහාර  වේලේ පෝෂණාත්මක ගුණය පහළ වැටී  තිබෙන අතර ගොවියාට  හරි  හැටි   ගොවිතැන්  කිරිමට  අවශ්‍ය පහසුකම්  හා  නවීන තාක්ෂණය ගොවිතැනට ලබා දිය යුතු බවත් ලංකාවේ  වී කිලෝ 1 ක්  නිපදවීම සඳහා රු 35.25  ක් වේ.  ජපානයේ   වැය වන්නේ  11.20 ක් වන අතර වී නිෂ්පාදයේ  යෙදවුම්  මිල අඩු කළ යුතු බව කියා සිටියේය.

මහින්ද රාජපක්ෂ මහතා  ළමයින්  වඩා ගැනීම වැනි  බාල වැඩ  රටට  ලෝකයට  පෙන්වන්න මාධ්‍ය  යොදා ගත්තා. මාධ්‍ය  නිදහස්ට  විශාල තර්ජනයක්  පසුගිය රජය සමයේ  තිබුණ බව මෙහි දි  දසානායක මහතා පැවසුවේය.”