අත - පොහොට්ටුව අතර මේ සතියේ තීරණාත්මක සාකච්ඡාවක්


(නිමල කොඩිතුවක්කු)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර තීරණාත්මක සාකච්ඡාවක් මේ සතිය තුළ සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.

මෙම සාකච්ඡාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුකිරිමට නියමිත බවත් ඔහු සඳහන් කළේය.

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමු කරන බවත් විපක්ෂනායක කාර්යාලයේ අද (21) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.

එමෙන්ම ඉදිරි ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  නව සංධානය ප්‍රකාශයට පත් කෙරෙන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

සන්ධානයේ නම නිල වශයෙන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඩලස් අලහප්පෙරුම මහතා වැඩිදුරටත් කීවේය.