අණ නොතැකූ රියට පොලිස් වෙඩි
වීරකැටියේ පිරිසක් හම්බන්තොටින් කුලියට ගත් වෑන්රියක රියැදුරාගේ මුහුණ වසා අත්පා බැඳ වාහනය පැහැර ගෙන යද්දී අයගම ඇරෑපෝරුවේදී වෙඩි තබා දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අයගම පොලිසිය කියයි. පොලිස් අණ නොතකා පලා යද්දී තැබූ වෙඩි පහරින් රිය, පාර මැද පෙරැළි ගිය බව කියන පොලිසිය එහි ව්‍යාජ අංක තහඩු කීහිපයක් තිබූ බවත් සඳහන් කරයි. වෑන් රියේ සිටි තිදෙනා අපරාධ කිහිපයකට හවුල්දැයි සෙයා බලන බව ද පොලිසිය පවසයි.

