අණ නොතකා ගිය ත්‍රී රෝද රියට වෙඩි


නොනවත්වා ගිය ත්‍රී රෝද රියකට හෝකන්දර හන්දියේදී වෙඩි තැබීමෙන් රියදුරා සහ තවත් අයෙක් තුවාල ලදැයි පොලිසිය කියයි.

කොට්ටාවට නීති විරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බවට ලැබුණු ඔත්තුවක් මත පොලිසිය මෙම ත්‍රී රෝද රිය නවත්වන ලෙස දුන් සංඥාව නොතකා ධාවනය කරන්නට වූ බවත් පොලිස් කොස්තාපල්වරයකුද ත්‍රී රෝද රියේ හැපී තුවාල වූ බවත් පොලිසිය කියයි.