අඩු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වේ


උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත  බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය,මේ වන්‍ විට පීඩන අවපාතයක දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි

2026 ඔක්තෝබර් මස 24 වැනි දින රාත්‍රී 11.30 වන විට, එම පද්ධතිය උතුරු අක්ෂාංශ 15.5° සහ නැගෙනහිර අක්ෂාංශ 91.0° ආසන්නයේ ස්ථානගතව පැවතුණි.

මෙම පද්ධතිය  ඔක්තෝබර් මස 25 වැනි දින බෙංගාල මුහුදු ප්‍රදේශයේ නැගෙනහිර - මධයම සහ ඊට යාබද ගිනිකොන ප්‍රදේශය හරහා ගමන් කරමින්, ගැඹුරු පීඩන අවපාතයක දකවා වර්ධනය  වීමට ඉතා ඉහළ ස්භාවයක් පවතී

මෙම පද්ධතිය  තවදුරටත් බටහිර-වයඹ දෙසට ගමන් කරමින්, ඔක්තෝබර් මස 26 වැනි දින උදෑසන්‍ වන විට සුළි කුණාටුවක් බවටත්, ඔක්තෝබර් මස 27 වන්‍ උදෑසන වන විට බෙංගාල බොක්ක  බටහිර - මධ්‍යම මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල සුළි කුණාටුවක් බවටත් තවදුරටත් ත්‍රිව වීමට ඉහළ සම්භාවිතාවක් පවතී.

මෙම පද්ධතිය සෘජු බලපෑමක ශ්‍රී ලංකාවට නොමැති වුවද  එම පද්ධතියෙන් සුළං ප්‍රවාහය දිවයින හරහා පවතින්‍ බැවින් දිවයින නිරිතදිග ප්‍රදේශයේ වැසි තත්වයයේ වැඩි වීමක තවදුරටත් ඉදිරිදින  කීපයෙත් අපෙක්ෂ කෙරේ .

බස්නාහිර, සබරගමුව, දකුණු, වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත්  ටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මෙම ප්‍රදේශ ඇතුළු ස්ථානවලට  මිලි මීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකියි.

ඌව පළාතෙත්  අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි  හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.

මධ්‍යම කඳුකරහේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු- මැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණමලය , හම්බන්තොට සහ ත්‍රිකුණමලය දිස්ත්‍රික්කවලත් විටින් විට තරමක තද සුළං ඇති වේ.