(රංජන් කස්තුරි)
විදුලිය නොමැති අඩු ආදයම්ලාභී පවුල් 47555 කට සහ බාහිර මෝටර් බෝට්ටු භාවිත කරන ධීවරයින් 24282 භූමිතෙල් සහනාධාරය ලබා දෙන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය.
එම සහනාධාරය ඉකුත් 10 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දෙන අතර එම සහනාධාරයේ ප්‍රථම ගෙවීම ජුනි මාසයේදී සිදු කරන බවද ඇමැතිවරයා පැවසීය.
භූමිතෙල් සහනාධාරයට අයත් මුදල් සහන, හිමිකරුවන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බවද හෙතෙම පැවසීය.
සමෘද්ධිලාභීන්ගේ භූමිතෙල් සහනාධාරය ලබා දීම සඳහා වන ප්‍රතිපාදන සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යංශයට ලබා දෙන අතර ධීවරයින්ගේ සහනාධාර එම අමාත්‍යංශයට ලබා දෙයි.