(රංජන් කස්තුරි)
සමෘද්ධිලාභීන්ට සහ අඩු ආදායම් ලාභීන්ට රුපියල් 5000 දීමනාව ගෙවීම හෙට සිටි සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.
රජය මගින් සංචරණ සීමා පැනවීම හේතුවෙන් ජීවනෝපාය අහිමිවූවන්ට මෙම දීමනාව හිමිවන බව ද ඒ සඳහා රජය රුපියල් කෝටි 3000ක මුදලක් වෙනකර ඇතැයි ද අමාත්‍යවරයා කියයි.
දැනටමත් රජය මගින් ආධාර ලබන්නේ නම් එවැනි පවුලකට ලබා දෙන්නේ දැනට ලබාදෙන මුදල රුපියල් 5000න් අඩුකර ඉතිරි මුදල පමණක යැයි ද ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කරයි.

