එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදි පිලිපීන ජාතික පිරිමි දරුවකුට අතවර කළ ශ්‍රී ලාංකිකයකුට ඩුබායි අධිකරණය මාස තුනක සිර දඬුවම් නියම කළේය.
දිගු කාලයක සිට ඩුබායිහි සේවය කළ හතලිස් නව හැවිරිදි ලාංකිකයෙකුට එසේ දඬුවම් නියම විය.
ඉකුත් අපේ‍්‍රල් 01 වැනිදා ඩුබායිි ජුමේයිරා වෙරළ තිරයට සිය මෙහෙකාරිය සමඟ පැමිණ ඇති තෙහැවිරිදි පිරිමි දරුවා සෙල්ලම් කරමින් සිටියදී එම ස්ථානයේ බීමතින් සිටි ලාංකිකයා මොහුට හිංසනය කර තිබේ.මේ සම්බන්ධයෙන් මෙහෙකාරිය ඩුබායි පොලිසියට පැමිණිලි කර ඇත.
වහාම ක‍්‍රියාත්මක වූ ඩුබායි පොලිසිය ලාංකිකයා එම ස්ථානයේදීම අත්අඩංගුවට ගනු ලැබීය. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු බීමතින් සිට ඇතැයි පැවසේ. පසුව ඩුබායි පොලීසිය ලාංකිකයාට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩු විභාගය අවසන් කිරිමෙන් පසුව මෙම සිර දඬුවම් නියම කෙරිණි.

