(රොමේෂ් මධුෂංඛ)
කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදී අඩවි වන කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකුට පහරදී ඔවුන්ගේ රාජකාරියට බාධා කළ බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් බවට ධර්මපුරම් පොලීසිය කියයි.
ධර්මපුරම් කල්ලාරු රක්ෂිතයේ නීති විරෝධී ලෙස වැලිගොඩ දමමින් සිටින බවට ලැබුනු තොරතුරකට අනුව කිලිනොච්චිය අඩවිවන නිලධාරීන් එම ස්ථානයට ගොස් පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන රැගෙන එමින් සිටියදී මෙම පහරදීම සිදුවී ඇත.
වෙනත් පිරිසක් පැමිණ නිලධාරීන්ට පහරදී සැකකරුවන් සහ වැලි ප්‍රවාහනය සඳහා යොදාගත් බව කියන ට්‍රැක්ටර් රථය රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.

