අටලුගම කාන්තාවට හිරිහැර කළැයි කියන 6 ක් රිමාන්ඩ්


(නිමන්ති රණසිංහ)

බණ්ඩාරගම අටලුගම ප‍්‍රදේශයේ කාන්තාවකට ලිංගික හිරිහැර සිදුකර පහර දී අඩත්තේට්ටම් කළැයි කියන සිද්ධියට අදාළ එම ප‍්‍රදේශයේ පුද්ගලයින් හයදෙනෙකු ලබන 11 වැනිදා තෙත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පානදුර මහේස්ත‍්‍රාත් චන්දන කලංසූරිය මහතා අද (04) නියෝග කළේය.

එමෙන්ම, මෙම සිද්ධියේ සාක්ෂිකරුවන්ට තර්ජනය කළැයි කියන බණ්ඩාරගම ප‍්‍රාදේශීය සභාවේ මන්තී‍්‍ර මොහොමඞ් ඉමිතියාස් නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසද මහේස්ත‍්‍රාත්වරයා බණ්ඩාරගම පොලිසියට ද නියෝගයක් නිකුත් කළේය.

සිංහල ජාතික පුරුෂයකු සමඟ විවාහ වීම හේතුවෙන් ප‍්‍රදේශයේ මුස්ලිම් පල්ලියේ පිරිසක් තමන්ට අඩන්තේට්ටම් කර හිංසා කළැයි කියමින් මෙම පැමිණිල්ල බණ්ඩාරගම පොලිසිය වෙත සිදුකර තිබුණේ අබ්දුල් හසන් ෆාතුමා හයිෆා නැමැත්තිය විසින් ඉකුත් මාර්තු මස 03 වැනිදාය.