අට වසරේ දැරියගෙන් රාහු කාලය පෙන්වන ඔරලෝසුවක්


රාහු කාලය පෙන්වන ඔරලෝසුවක් නිර්මාණය කිරීමට ලෙල්ලෝපිටිය ගෝනකුඹුරේ අටවැනි වසරේ තුෂාරි විදුෂිකා සිසුවිය සමත්වී සිටියි.

විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඇය තම නිර්මාණය ඉදිරිපත් කළාය. පියාගේද උදව්වෙන් ඇය නිර්මාණය කළ එම යන්ත්‍රයට පාසල් නිර්මාණ තරගවලදී සම්මාන හිමිවිය.

ඉවතලන තඹ හා එල්.ඊ.ඩී.බල්බ භාවිතයෙන් කළ මෙය පසුව නවීකරණය කර ඇත.

මීට පෙර විදුෂිකා යතුරුපැදියක්ද නිර්මාණය කළ අතර ඇගේ නව නිර්මාණ එළි ස්‍දැක්වීම ශාමින්ද විජයවර්ධන පදනම සංවිධානය කර තිබිණි.