බිමල් ශ්‍යාමන් ජයසිංහ
නඩුවකට අදාල වාහනයක් යළිත් හිමිකරුට මුදා හැරීම සඳහා රුපියල් දස දහසක අල්ලසක් ලබා ගැනීමට ගිය බව කියන මහබාගේ පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමෙන් අද අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු උප පොලිස් පරීක්ෂකවරයෙකි.
කොටස් එකලස් කර සකස් කරන ලද වාහනයක් පසුගිය දා අත්අඩංගුවට ගනු ලැබ ඇති අතර එම වාහනය යළිත් හිමිකරුට ලබා දීම සඳහා ඔහුගෙන් රුපියල් දස දහසක අල්ලසක් සැකකරු ඉල්ලා ඇතැයි අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ අනුව මීට පෙර රුපියල් 2000ක අත්තිකාරමක් ලබා ගෙන ඇතැයි කියන සැකකරු අද ඉතිරි රුපියල් 8000ක ලබා ගැනීමට යද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම සඳහන් කරයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ පොලිසිය ඇතුළේදීම බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග පවසයි.