අට කෝටියක කිරිපිටි හංගලා


සීදූව කොටුගොඩ පාරේ පෞද්ගලික ගබඩාවක සඟවා තිබූ බව කියන කිරිපිටි ග්‍රෑම් 400 පැකට් 257658ක් පාරිභෝගික සේවා අධිකාරිය මගින් අද (5) සොයාගෙන ඇත.

මෙහි වටිනාකම රුපියල් කෝටි අට ඉක්මවන බව ද අධිකාරිය පවසයි.

කිරිපිටි හිඟයක් මවා පා මිල වැඩිකර ගැනීම සඳහා මෙම කිරිපිටි තොගය සඟවා තබා ඇතැයි අධිකාරිය කියයි.