
(සුජිත් හේවාජුලිගේ)
හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා වසර 38ක සේවා කාලයකින් පසු පොලිස් සේවයෙන් අද විශ්‍රාම ලැබීය.
ඔහු වෙනුවෙන් අද කුරුණෑගල වෙළ ගෙදර ක්‍රීඩාංගනයේදී පොලිස් ආචාර පෙළපාළියක්ද පැවැත්විණ.
අවිස්සාවේල්ල කොස්ගම උපත ලැබූ හෙතෙම කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

