අජිත් ප්‍රසන්න රෝහලේදිම රිමාන්ඩ්


කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා කොල්ලුපිටියේ ඩර්ඩ්න්ස් රෝහලට ගොස් එහි ප්‍රතිකාර ලබන දකුණු පළාත් සභා අපේක්ෂක විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න අඟහරුවාදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙළ්ය.

ඔහු රෝහලෙන් රැගෙන යෑමට සුදුසු තත්ත්වයක නොසිටින බව වෛද්‍යවරු මහේස්ත්‍රාත්ට දැන්වූහ.

ප්‍රසන්නගේ නීතීඥවරු ඔහුට ඇප ඉල්ලූහ.

එය පසුවට සලකා බැලිය හැකි බව මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.