(බිඟුන් මේනක ගමගේ)
අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයේ රිමාන්ඩ් රැඳවියන් පිරිසකට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත්කළ දෙවැනි කමිටුවේ වාර්තාව සැකැසීම සඳහා එම බන්ධනාගාර නිලධාරින්ගෙන් අද (29) දිනයේදී ද ප්‍රකාශ ලබාගැනීම සිදුව තිබේ.
සිදුවීමේ වීඩියෝ පටයට අදාළ බන්ධනාගාර සී.සී.ටී.වී අංශයේ නිලධාරීන් සිව් දෙනෙකුගෙන් මෙසේ ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි බන්ධනාගාර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සොයා බැලීමට බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක හා බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතාගේ සභාපතිත්වයෙන් ප්‍රථමයෙන්ම පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව පසුගිය දා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනි තලතා අතුකෝරාල මහත්මියට බාර දී තිබිණ.
අගුණකොලපෑලැස්ස බන්ධානාගාරයේදී පසුගිය නොවැම්බර් 22 වැනිදා සිදු වී යැයි කියන මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මුල්වරට මාධ්‍යට කරුණු අනාවරණය කෙරුණේ පසුගිය 16 වැනිදා සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදීය.

