ඔලුවිල් අග්නිදිග සරසවියේ සිසුන් පිරිසක් සමන්තුරේ කළමණාකරණ පිඨයේ සිසුන් අතර ඇති වු ගැටුමේදී අධිකරණයට ව්‍යාජ නම් හා ලිපින දුන් සිසුන් සිව් දෙනකු හැර අනෙකුත් සියළු දෙනාම ඇප මත මුදා හරින ලෙස සමන්තුරේ මහෙස්ත්‍රාත් පී කරුණාතරන් මහතා නියෝග කළේය.
වැඩබලන මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා අධිකරණයට පැමිණීල්ල ඉදිරිපත් කළේය. සිසුහු හතලිස් නව දෙනෙකු රුපියල් පනස්දහස බැගින් ශරීර ඇප මත මුදා හරිනු ලැබීය.
සෙසු සිසුන් හතර දෙනා ලබන 10 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.