අග්නිදිග සිසුහු කොළඹ විරෝධතාවක - පොලිසිය වෝඩ් පෙදෙස වසා දමයි


(තරිදු ජයවර්ධන)

අග්නිදිග සරසවිය හැර දා කොළඹ පැමිණි එහි තාක්ෂණ පීඨ සිසුහු මීට ටික වේලාවකට පෙර කොළඹ ටවුන්හෝල් අසල විරෝධතාවක් ආරම්භ කළහ.

සිසුන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිටට යෑම වැළැක්වීම සදහා පොලිසිය මාර්ග බාධක යොදා වෝඩ් පෙදෙස වසා දමා තිබේ. 

පොලිසිය මාර්ගය වසා දැමීම නිසා එම මාර්ග භාවිතා කරන්නෝ දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

(ඡායාරූප -ඉෂාන් සංජීව)