අග්නිදිග සරසවි‌යේ ඔලුවිල් මණ්ඩපය ජලයෙන් යටවෙයි


(ඩී.ඥානසිරි හෙට්ටිආරච්චිගේ)

දින කීපයක සිට  ඇදහැලෙන අධික වැසි සමග පවතින අයහපත් කාලගුණයෙන් අග්නිදිග විශ්ව විද්‍යාලයට අයත්  ඔලුවිල් මණ්ඩපය ද,  ජලයෙන් යටවී  තිබේ.

මේ හේතුවෙන් එහි අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් දැඩි අපහසුතාවයට පත්වී ඇති අතර, පාලනාධිකාරිය පසුගිය 9 වැනිදා සිට සිසුන්ට නිවාඩු ලබාදී තිබේ .

මේ අතර අම්පාර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අම්පාර නාගරික  බලප්‍රදේශයේ පිහිටි සුදුවැල්ල  ග්‍රාමයේ  නිවාස  ජලයෙන් යටවීම  නිසා, එහි පදිංචි පවුල් 48 කට අයත්, 177 දෙනෙකු  අම්පාර  මහාවාපී  මහා  විහාරයේ  තාවකාලිකව ස්ථාපිත කරඇති   ආරක්ෂිත මධ්‍යස්ථානය කර යාමුකර ඇති බව ආපදා කළමනාකරණ කාර්යාලය පවසයි.