අග්නිදිග සරසවියේ සිසුන් 13ක් රිමාන්ඩ්


අම්පාර ඔලූවිල් අග්නිදිග විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුවක් සම්බන්ධයෙන් පසුගියදා පවත්වන ලද විරෝධතාවයේදි විශ්ව විද්‍යාලයේ පරිපාලන  ගොඩනැගිල්ලට හානි කරන ලද සිසුන් 13 දෙනකු අක්කරපත්තු පොලිසිය අත් අඩංගුවට ගනු ලැබිණි.

මෙම විරෝධතා පැවැත්වෙන දිනයේ විශ්ව විද්‍යාලයේ පාලන අධිකාරිය සමග සිසුන් පිරිසක් සාකච්ඡා කරමින් සිටියදි තවත් සිසුන් පිරිසක් පැමිණ පාලන ගොඩනැගිල්ලේ ජනේල්  කඩා හානි සිදුකළ බවට පාලන අධිකාරිය කළ පැමිණිල්ලක් අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

අධිකරණයට ඉදිරිපත් කළ සිසුන් 20 වැනිදා තෙක් රිමාන්ඩ් කිරීමට අක්කරපත්තුව මහේස්ත‍්‍රාත් එච්.එම්.මොහමඩ් පසිල් මහතා නියෝග කළේය.