අග්නිදිග විශ්ව විද්‍යාලයට නිසි බලධරයෙක්


(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයට වහාම ක්‍රියාත්මක වන පරිදි නිසි බලධාරියෙකු පත් කර තිබේ.

ශ්‍රී ලංකා අග්නිදිග විශ්ව විද්‍යාලයේ නිසි බලධාරියා ලෙස මහාචාර්ය උමා කුමාරස්වාමි මහත්මිය ඉකුත් සදුදා (18) සිට ක්‍රියාත්මක වන පරිදි පත්කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන  කොමිෂන් සභාව සඳහන් කරයි.

අග්නිදිග විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතල ලෙස අවුල් වී ඇති හෙයින් හා විශ්ව විද්‍යාල බලධාරීන්  විසින් ආයතනයේ කටයුතු යථා තත්ත්වයට ගෙන ඒමට අපොහොසත් වී ඇති හෙයින් නිසි බලධාරියෙකු පත්කළ බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් වේ.