අගවිනිසුරුගෙ වත්කම් කමිටුවට


ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියගේ වත්කම් බැරකම් බැංකු ගිණුම් ඇතුළු ලියැවිලි පාර්ලිමේන්තුවේ එකොළොස් පුද්ගල දෝෂාභියෝග විමර්ශන තේරීම් කාරක සභා සාමාජිකයනට අද (5) නිකුත් කළ බව පාර්ලිමේන්තු ආරංචි කියයි. ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාරක සභාව අද (5) පස්වරුවේ රැස්වීමට ද නියමිතය. දෝෂාභියෝග චෝදනාවලට උත්තර දීම සඳහා කල් දෙන්නේද නැද්ද යන්න ගැන කාරක සභාවේ තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ඒ සඳහා ඇය සති පහක් කල් ඉල්ලා ඇත. මේ අතර අගවිනිසුරුවිය බ්‍රහස්පතින්දා (6) යළි කාරකසභාව හමුවේ පෙනී සිටිනු ඇතැයි අපේක්ෂා කෙරේ.