අගවිනිසුරු පිළිගන්න නීතීඥවරු නිල මැදිරිය ළඟ


මරදාන පැත්තෙන් අලුත්කඩේට පිවිසෙන ප්‍රධාන පිවිසෙන මාර්ගය මින් මද වේලාවකට කලින් පොලිසියෙන් වසා දැමුවේය. නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා අධිකරණයට පැමිණීමට නියමිතව තිබියදී මේ පියවර ගැනිණි.

නව අගවිනිසුරු පිළිගැනීම සඳහා අලුත්කඩේ නීතීඥවරු රැසක්ම අගවිනිසුරු නිල කාමරය අසලට එක්රොක් වෙමින් සිටිති.

අලුත්කඩේට පිවිසෙන සියලු අතුරු මාර්ගවලද දැඩි ආරක්ෂාව යොදා ඇත.

අලුත්කඩේ පෙදෙසේ දැඩි වාහන තදබදයක් ද පවතී.