අගවිනිසුරු චෝදනා තුනකින් වැරදිකාරිය වෙයි


අගවිනිසුරුවරියට ඉදිරිපත් කළ චෝදනා 14න් 5ක් විභාග කළ බවත්, ඉන් තුනකින් ඇය වැරදිකාරිය වී දෙකකින් නිදහස් වූ බවත් තේරීම්කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළේය. සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ නඩුව විභාග කරමින් සිටි ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරානි තිලකවර්ධන මහත්මිය ඉන් ඉවත් කිරීමට අගවිනිසුරුවරිය වශයෙන් බලතල පාවිච්චි කළැයි ඇය වැරදි කාරිය කැරිණි. ජාතික සංවර්ධන බැංකුවේ (එන් ඩී බී) ගිණුමක් හා විවිධ බැංකුවල තවත් ගිණුම් 20ක් ද සම්බන්ධ වත්කම් හා බැරකම් වසං කළැයි කියන චෝදනාවට ද ඇය වැරදිකාරිය වූවාය. අගවිනිසුරුවරියගේ සැමියා වන ප්‍රදීප් කාරියවසම්ට එරෙහි අල්ලස් හා දූෂණ නඩුව විභාග කිරීමට නියමිතය සිටි මහේස්ත්‍රාත් මාරු කිරීමට අගවිනිසුරු වශයෙන් තම බලතල පාවිච්චි කළැයිද ඇය වැරදිකාරිය වූවාය. සෙලින්කෝ සමාගමේ දේපළ මිලදී ගත් බවට ලැබුණු චෝදනාවෙන් ඇය නිදහස් වූවාය. එමෙන්ම ජාතික සංවර්ධන බැංකුවේ (එන් ඩී බී) රුපියල් තුන්කෝටි හාර ලක්ෂයක රට සල්ලි තැම්පත් කළැයි කියන චෝදනාවෙන්ද ඇය නිදහස් වූවාය. ඉතිරි චෝදනා කමිටුව විසින් විමර්ශනය නොකැරිනි.