අගවිනිසුරු අදත් කමිටුව හමුවේ


ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය අද තෙවැනි දිනටත් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පෙනී සිටියාය. අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී කමිටුව රැස්විය.  පස්වරු 6.30 පමණ වන තෙක් කමිටු රැස්වීම පැවැත්වෙන බව දැනගන්නට ඇත. අගවිනිසරුවරියට එරෙහි චෝදනා 14ක් යටතේ දෝෂාභියෝගය කමිටුව ඉදිරියේ විභාග වේ. එහි සභාපතිවරයා අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාය. රජයේ  හත් දෙනෙක් ද විපක්ෂයේ සිව්දෙනෙක් ද එහි සාමාජිකයෝ වෙති.