(ප්‍රේමතිලක පෙරමුණ)
අගලවත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරන ස්වාධීන කණ්ඩායමේ මන්ත්‍රීවරු හතර දෙනෙකු අද (24) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී එක්සත් ජාතික පක්ෂයට එක්වූහ.
මෙසේ එජාපයට එක් වූයේ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමේ නායක ප්‍රියන්ත විජේසිංහ ,ලසන්ත මල්ලවාරච්චි යන මන්ත්‍රීවරුන් දෙදෙනා සහ ආර්.ඒ.කේ එච්.රණසිංහ,යු.ලක්ෂ්මී ගුණසේකර යන මන්ත්‍රීවරියන් දෙදෙනාය.
කොළඹ සිරිකොත එජාප කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය අජිත් පී පෙරේරා,අගලවත්ත එජාප ප්‍රධාන සංවිධායක පී.ඩි අබේරත්න,අගලවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසේන කඹුරාවල යන මහත්වරු සහභාගී වූහ.