කතානායක කරු ජයසූරිය මහතා අද (14) පෙරවරුවේ මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමන් හමුවිය.
අගරදගුරු හමුවීමෙන් පසු මාධ්‍යයට අදහස් දැක්වූ ජයසූරිය මහතා පැවසූවේ නීතිය හා යහපාලනය ගැන අදහස් හුවමාරු කරගත් බවයි.
ලෝකය පිළිගත් ගෞරවනීය පාර්ලිමේන්තුවක් ඇති කරන බවත් බේදයකින් තොරව මන්ත්‍රීවරුන්ගේ ගැටළුවලට විසඳුම් ලබාදෙන බවත් කරු ජයසූරිය මහතා පැවසීය.
ඉදිරියේදී ඇතිකරන විධායක කමිටුවලට බලතල ලබාදීමට කටයුතු කරන බවත් කතානායකවරයා එහිදී ප්‍රකාශ කළේය.

